සිරිලක් මවගේ තුරුලේ //
දිමුතුව වැජඹේ මොරටුවේ
රාවතාවත්තේ මෙතොදිසු විදුහල්
මෑණිය නිති සැරසේ
විදුහල් මෑණිය නිති සැරසේ //
යහ ගුණ ගන්වා යහ මග පෙන්වා
නැණ නුවනින් වඩවන මෑණි
දෙනුවන් පාදා දෙසවන් පොබයා
පුබුදු කරන මෑණී
අපි පුබුදු කරන මෑණී
ඔබගේ සෙවනේ ඉගෙනුම ලදුවෝ
ජාතිය පණ ගන්වන විරුවෝ
රට දැය පුබුදන නිවහල් හැඟුමන්
ඔබ සෙවනේ ලදුවෝ
අපි ඔබ සෙවනේ ලදුවෝ
ඔබ අප ජීවය අප හද සහනය
ජීවන රස උල්පත පෑදී
සිප්සත වෙයි ඔබගෙන් ලැබු සම්පත
ඔබ සමරමු මෑණී
අපි ඔබ සමරමු මෑණී
සිරිලක් මවගේ තුරුලේ ………..








