මෙතෝදිස්ත විදුහල

Inovation

2024 රාවතාවත්ත මෙතෝදිස්ත විද්‍යාලීය ක්‍රීඩා උත්සවය

page-header-1900x320.jpeg
home pictures.jpg
WhatsAppImage2023-11-20at093609_e1a9a68f.jpeg
f0545d50-07bc-4415-ac66-d1ff196f1e0a.jpg

විදුහල්පති පණිවිඩය

ඩී.එම්.ඒ.ඒ.දෙමටගොඩ

පිළියන්දල අධ්‍යාපන කලාපයට අයත් රාවතාවත්ත මෙතෝදිස්ත විද්‍යාලය, මොරටු පුරවරයේ දීප්තිමත් සිසු සිසුවියන් රැසක් දැයට දායද කරමින් ,දිනෙන් දින විශිෂ්ඨත්වය කරා පෙර ගමන් යන පුරෝගාමී ජනප්‍රිය පාසලකි.අප පාසලේ සිසු දරු දැරියන් නිරන්තරයෙන් විවිධ විෂයානුබද්ධ හා විෂය සමගාමී ක්‍රියාකාරකම් ඇසුරෙන් කොට්ඨාස ,කලාප,පළාත් ජයග්‍රහණ රැසක් අත්පත් කර දෙන අතර මේ වන විට මෙම පාසලෙන් අධ්‍යාපනය ලැබු දෙස් විදෙස් කීර්තිමත් ආදී සිසුන් රැසක් ද දැයට බිහි කර ඇත.

අප පාසලේ තොරතුරු තාක්ෂණ අංශය වෙත රජයෙන් හා සුභ පතන්නන්ගේ දායකත්වයෙන් ලැබුණු තාක්ෂණික මෙවලම් බොහෝමයක් නිසා සුහුරු පන්ති කාමර ඇසුරින් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ නිරත වන සිසු දරුවන් හා සුහුරු කුසලතාවයෙන් සපිරි ගුරු මණ්ඩලයක් සිටීම ද අප ලද භාග්‍යයකි.මේ අනුව අප විද්‍යාලය සමග සම්බන්ධ වන විවිධ බාහිර පාර්ශවකරුවන් සමග අදහස් හා තොරතුරු හුවමාරුවේදී මෙම වෙබ් අඩවිය ඵලදායි සම්පතක් වන බව මාගේ හැගීමයි.එබැවින් පාසලේ දියුණුව ප්‍රාර්ථනා කරන සියලු පාර්ශවකරුවන්ට අප සමග එක් වී පාසලේ උන්නතිය උදෙසා කටයුතු කිරීමට අත් වැල් බැදගන්නා ලෙස ඔබට හෘදයාංගමව ආරාධනා කරමි.


එසේම මෙම කර්තව්‍ය සාර්ථක කරගැනීමට උරදුන් සැමට මාගේ හද පිරි ස්තූතිය පිරිනමන අතර මෙතෝදිස්ත දරු දැරියන්ගේ යහ ගුණ මෙන්ම අධ්‍යාපනික කටයුතුද දිනෙන් දින වර්ධනය වේවායි ප්‍රාර්ථනා කරමි.

ඩී.එම්.ඒ.ඒ.දෙමටගොඩ
විදුහල්පතිනිය
මෙතොදිස්ත විදුහල, රාවතාවත්ත.