- සෑම ශිෂ්‍ය ශිෂ්‍යයාවක් ම පෙරවරු 7.30 ට පෙර පාසලට පැමිණ පසු 1.30 වන තෙක් පාසලට රැඳී සිටිය යුතුය.
- හදිසි අත්‍යවශ්‍යතාවයක් සඳහා පාසල් වේලාවෙහි මව හෝ පියා සමග පාසලෙන් බැහැර විය හැකි අතර ඊට සටහනක් තබා අවසර ගත යුතුය.
- පාසලේ සම්මත නීති රීති වලට අනුව මසන ලද නිල ඇඳුමකින් පැමිණීම අනිවාර්ය.
- ශිෂ්‍යයාවන්ගේ නිළ ඇඳුම දණහිස වැසෙන සේ දිගට තිබීමත් ශිෂ්‍යයන්ගේ දිග කලිසම කකුලට හිර නොවී සපත්තුවේ තෙක් දිගු වීම අනිවාර්යය.
- ශිෂ්‍යයන් කළු සපත්තු සහ සුදු මේස් ද ශිෂ්‍යයාවන් සුදු සපත්තු සහ සුදු මේස් පැළඳිය යුතුය.
- ශිෂ්‍යයාවන් කොණ්ඩය කරල් දෙකකට ගොතා කෙළවර නා කොළ පැහැති රිබනයක් ගැසිය යුතු අතර ශිෂ්‍යයන් කොණ්ඩය කොටට කපා පැත්තට පීරා,රැවුල කපා පාසල් නිළ ඇඳුමින් සැරසී සිටිය යුතුය.
- ශිෂ්‍යාවන්ගේ ඇහිබැම සකස් කිරීම ,නිය ආලේපනය ,රූපලාවණ්‍ය උපකරණ ගෙන ඒම හා භාවිතය විසිතුරු කරාබු ,මුදු ,මාල ,වළලු ආදිය පැළඳීම සුදු විලවුන් හා විවිධ ආලේපන භාවිතය තහනම් වේ.
- සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට කළු පටියක් සහිත චාම් අත් ඔරලෝසුවක් පැළඳිය යුතු අතර නානාවිධ ඔරලෝසු තහනම් වේ.
- දුම්පානය, මත්ද්‍රව්‍ය භාවිතය සපුරා තහනම් වන අතර පාසලින් නෙරපීමට තරම් ප්‍රමාණවත් හේතුවක් වන බව තරයේ සිහි තබාගත යුතුය.
- පාසලට ඇතුළු වීම සඳහා තම ශිෂ්‍ය වාර්තා පොත අනිවාර්යය වේ.
- යම් හේතුවක් මත පාසලට නොපැමිණෙන දිනයන්හි ඊට හේතුව ලිඛිතව ශිෂ්‍ය වාර්තා පොතෙහි දක්වා පන්ති භාර ගුරු භවතා දැනුවත් කළ යුතුය.
- විදුහල් මවගේ කීර්ති නාමය රැකෙන පරිදි පාසළ තුලත් ඉන් පරිබාහිරව රැඳී සිටිය යුතුය.
- පන්ති කාමරයේ ගැටළු පන්ති භාර ගුරු භවතා මගින් ද එසේ නොවිසඳෙන ගැටළු අංශ ප්‍රධාන ගුරුභවතා මගින් ද නොවිසඳුණු ගැටළු විනය මණ්ඩලය මගින් විසඳා ගත යුතුය .මණ්ඩලයේ තීරණය අවසන් තීරණය වේ.
- පාට ඇඳුම් ,සඟරා, සමරු පොත්, ඡායාරූප, සංයුක්ත තැටි, කැසට් පටි, කැමරා, ජංගම දුරකථන සහ විවිධ ඉලෙක්ට්‍රොනික් උපකරණ පාසලට හෝ පාසල නියෝජනය වන වෙනත් කිසිදු අවස්ථාවක රැගෙන ඒම හා භාවිතය සපුරා තහනම්.
- පාසල තුළ ටිපෙක්ස් භාවිතය සපුරා තහනම් වේ.
- සමාජ වෙබ් අඩවි (tik tok,facebook)ආදිය පාසලෙන් පිටත භාවිත කිරීම හා සම්බන්ධ වීම සපුරා තහනම්.
- ඉගෙනුම් ක්‍රියාවලිය සිදුවන කාල පරිච්ඡේදයන්හි පන්තියෙන් බැහැරවීමේදී බැහැරයාමේ අවසර පත රැගෙන යාම අනිවාර්ය වේ.
- ගුරුභවතෙකු නොමැති විට පන්තිකාමරයෙන් බැහැර නො විය යුතු ය.
- පාසල ආරම්භ වීමට පෙර හා විවේක කාලය තුළ දී හැර ආපනශාලාවට නොයා යුතුය.
- දෙමව්පියන් නොමැතිව පාසල් නිල ඇඳුමෙන් සැරසී පොදු බාහිර අපනශාලාවල ගැවසීම සපුරා තහනම්ය.
- පාසල් කාලය තුළ පිටස්තර කිසිවකු හමුවීම සපුරා තහනම්.
- පාසලේ දේපළ වලට හානි වන සේ හැසිරීම සපුරා තහනම්.
- යම් අවශ්‍යතාවයක් සඳහා ශිෂ්‍යාවන් පාසලට පැමිණෙන විට දණහිසින් පහල දක්වා රැලි සහිත දිග සායක් අනිවාර්ය වන අතර සුදුසු බ්ලවුසයක් හෝ පාසල් T-Shirt එකකින් පැමිණිය යුතුය.








